April 28, 2024

මිනිසුන් තමන්ගේ කායික සහ මානසික ශක්තිය උරගා බැලීමත්, කායික සහ මානසික ශක්තිය වර්ධනය කර ගැනීමටත්, ක්‍රීඩාව උපයෝගී කර ගන්නවා. ක්‍රීඩාවකින් නිරෝගී ජීවිතයක් සඳහා අවශ්‍ය පසුබිම සකසා දීම පමණක් සිදුවන්නක් නොවේ. එමගින් අනෙකුත් සියලු වැඩකටයුතු සඳහා අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය, ක්‍රමානුකූල බව යන ආදී සියලුම දේ ලබා දෙනවා.

රටක් ලෙස ක්‍රීඩාව පිළිබඳව දැකීමේදී ක්‍රීඩා ආර්ථිකයක් උදා කර ගැනීම මේ වන විට අවධානයට ලක්වී ඇති ප්‍රධාන කරුණක්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී පෙර සඳහන් කළ කාර්යක්ශම ජීවිතයක් සඳහා වූ Leisure sports පුද්ගල අභිවෘද්ධිය උදෙසා ඉතාම වැදගත්. අප දන්නවා කාර්යබහුල කාර්යබහුල ජීවිතයක් ගත කරන බහුතරයක් දෙනා තම කාර්යය නිමා කොට බොහෝ අවස්ථාවලදී කිසියම් වූ ක්‍රීඩාවක් සඳහා යොමු වෙනවා. ජීවිතයේ එක් අංගයක් ලෙස ක්‍රීඩාව ළං කර ගැනීම මෙහිදී වැදගත්.

Competitive sports හෙවත් තරගකාරීත්වය මගින් ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා ජාතික හෝජාත්‍යන්තර මට්ටමින් තරඟවැදීමෙන් අවස්ථාව උදාකර ගන්නා ක්‍රීඩා මේ කොටසට අයත් වනවා.

එසේම Sports Economy හෙවත් ක්‍රීඩා ආර්ථිකය ගොඩනැගීම රටක ක්‍රීඩා වර්ධනය සඳහා වැදගත් වන තුන්වන සාධකය වනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් බහුතර අවධානය දිනා තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව මෑත කාලයේ අප දුටුවේ විවාදයට ලක් වන කරුණු.

පසුගිය කාලයේ ක්‍රීඩාව වසර 10කට සූදානම් කරමින් අප විසින් ගෙන ආ ප්‍රතිපත්ති මත ක්‍රමානුකූල දියුණුවක් උදා කරගැනීමට හැකි වුණා. තරඟකාරී ක්‍රීවක් උදෙසා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට අවශ්‍ය පසුබිම අපි නිර්මාණය කළා. එසේම LPL වැනි තරඟාවලි හරහා නවක ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමඟ තමන්ගේ දක්ෂතා උරඟා බැලීමක් සිදු කළ හැකි වුණා. අප එසේ නිර්මාණය කළ ක්‍රීඩා ආර්ථිකයත්, තරඟකාරී ක්‍රීඩා පසුබිමේ මතු වන දක්ෂතා සහිත ක්‍රීඩකයන් නිසා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගමනයක් කරා ගෙන යාමට අපට හැකි වුණා. මෙමගින් 20%ක් දක්වා තිබූ ක්‍රීඩා ආර්ථිකය 40%ක් දක්වා ඔසවා තැබීමට අපට හැකි වුණා.එසේම ක්‍රීඩා සංගම්වල අක්‍රමිතා අවම කර ගැනීමටත් අප විසින් ගත් උත්සහය මත ස්වාධීන ඒකක ලෙස ඒවාට තේරීම්කාරකයන් සිදු කිරීමට පවා අවස්ථාව උදා කර දුන්නා.

ජය පරාජය සම සේ දරා ගත හැකි ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් සිය අධිෂ්ඨානය සහ කැපවීම මත ශ්‍රී ලංකාවේ නාමය ලෝක කුසලානය කරා ගෙන යාමට අවශ්‍ය මාර්ගය ස්වාධීනව ලබා දීම ප්‍රධාන කරගත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි ක්‍රීඩාවක් නිර්මාණය කිරීම අපගේ අනාගත අපේක්ෂාවයි.

– නාමල් රාජපක්ෂ –